පූර්ණ එන්නත්කර UAE යන අයට PCR ඕන නෑ


ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය.

ගුවන් මගීන් අතරින් එක් එන්නතක් පමණක් ලබා ගෙන ඇති ගුවන් මගීන් වෙතොත් එම ගුවන් මගීන් තමා පිටත්ව යාමට පැය 48 කට එනම් දින 02 කට පෙර කොරෝනා මර්දන දෙවන එන්නත ලබා ගෙන තිබිය යුතු බවද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 07 ක් පිහිටා තිබේ.

             



Recommended Articles