පුපුරන ද්‍රව්‍ය හා සැක හතරක් නාඋලදී අල්ලයි


රාත්‍රි කාලයේ නාඋල ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක දී සිදුකල රථ වාහන සෝදිසියක දී පුපුරන ද්‍රව්‍ය රැසක් සමග සැකකරුවන සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

පසුගිය දා (18) අළුයම තුනට පමණ නාඋල සිට නිකුල දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරිමේ දී අඩි තුනක් දිග detonator සහිත රතු පැහැති සේවා නූල් පහක්,අගල් අටක් දිග වෝටර් ජෙල් (water jell) කුරු තුනක්,අඩි දෙක - දෙක  හමාරක් හා 28 cm විශ්කම්බයක් ඇති විදින වානේ කටු එකක් හා නිල් හා ගුරු පාට ඔතන ලද මීටර් පනහක් දිග වයර් රෝලක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඉහත උපකරණ සමග ගමන් ගත් සැකකරුවන් සිවි දෙනෙකු ද සැක පිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් නාඋල,පුස්සැල්ලෑව.උඩතලවින්න සහ වත්තේගම  ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50,49,38ආදී වයස් වල පසුවන්නනන් බව පොලිසිය කියයි.

සිද්ධියට අදාල සැකකරුවන් ඊයේ (18) දින නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිනි.

නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් මෙම පුුපුරන ද්‍රව්‍ය කුමන අරමුණකින් නාඋල ප්‍රදේශයට රැගෙගන ආවේද යන්න සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යටතේ පරික්ෂණ ආරම්භ කර තිබේ.

නාඋල - ඉන්දික අරුණ කුමාර



Recommended Articles