පුද්ගලයන් රැසක් රවටා කෝටි ගාණක් වංචා කළ කල්ලියක් ගැන තොරතුරු


වාහන, නිවාස ඉඩකඩම් වලට කූට ලේඛන සාද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචාවේ යෙදුණු  සංවිධානාත්මක කල්ලියකට අයත් දෙදෙනෙක්  අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර එම ජාවාරමේ ප්‍රධාන සැකකරුද වන බවත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එලෙස ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට විකුණන ලද සුඛෝභෝගී මෝටර් රථයක් පන්නල ප්‍රදේශයට අලෙවි කර තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස මිලදී ගැනීම් , විකිණීම් සහ අලුතින් නිවාස ඉදිකිරීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් ඇති අතර එමඟින් ද පුද්ගලයන් රැසක් රවටා. මේ ආකාරයෙන් මුදල් වංචා කිරීම් රැසක් සිදු කර ඇතැයි අනාවරණය වී ඇත.

සැකකරුවන්ට විරුද්ධව වැලිසර, අලුත් කඩේ යන අධිකරණවල මගින් විවෘත වරෙන්තු නිකුත් වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි 

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු  කඳාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් සැකකරු පමුණුගම ප්‍රදේශයේ පදිංචි 39 ඇවිදි පුද්ගලයෙකි. කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



Recommended Articles