පුද්ගලයන් 37 522 ක් නිරෝධායනය අවසන් කරයි


කොවිඩ් 19 හේතුවෙන් අද (06දා) වන විට පුද්ගලයන් 37 522ක් නිරෝධායනය අවසන් කර තම නිවෙස්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයන් 7403ක් නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 237610ක් වෙයි.



Recommended Articles