පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම 18 දා ඇරඹෙයි


පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජනවාරි 18 දා සිට ජනවාරි 21 දා දහවල් 12.00 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිතය.

එමෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ද හෙට (05) සිට අවස්ථාව ලබා දි තිබේ. 

 



Recommended Articles