පියකු තම දරුවාගේ පාසල් පොත් නිල ඇදුම් ගිනි තියල


හිගුරුකඩුව  අලාදුගස්පිටිය ප්‍රදේශයේ නිවසක මව්පියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිය 11 හැවිරිදි සිගිති පුතුගේ පාසල් නිල ඇදුම් , පාසල් පෙලපොත් , දහම්පාසල් පොත් ,ඇතුලු නිවසේ දේපලවලට ගිනිතබා විනාශ කලැයි සැකපිට  53 හැවිරිදි පියෙකු අද (24) අත්අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි .

මෙම සැකකාර පියා බීමතින් රාත්‍රි නිවසට පැමිණ සිය බිරිද සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එය දුරදිග යාමෙන් අනතුරුව මෙසේ මොහු  සිය 11 හැවිරිදි සිගිති  පුතුගේ, පාසල් නිලඇදුම් , පාසල් පෙලපොත් නිවසෙ කෑම  කාමරයට රැගෙන ගොස් නිවසේ තිබූ දේපළ රැසක් සමඟ ගිනිතබා විනාශ කර ඇතැයි ද පොලිසිය සදහන් කළේය .

මෙම ගිනිතැබීමෙන්  සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැතැයි පොලිසිය  පැවසීය .

අත්අඩංගුවට ගත් සැකකරු පස්සර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇල්ල ප්‍රසාද් රුක්මල්



Recommended Articles