පෑලියගොඩ ට්‍රෑෆික් OIC ජීවිතක්ෂයට


පෑලියගොඩ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වු පොලිස් පරීක්ෂක චමින්ද ජූඩ් තිසේරා (52) මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.

ගම්පහ මාකවිට මාබිම පදිංචි ජුඩ් තිසේරා මහතා දෙදරු පියෙකි. සිය පොලිස් සේවා කාලය තුළ කිලිනොච්චිය, ජා-ඇල, මීගමුව, පමුණුගම, කටාන ආදී පොලිස් ස්ථාන වල සේවය කර තිබේ.

රෝහල් ගතව සිටියදී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් මියගිය පොලිස් පරීක්ෂක ජූඩ් තිසේරා මහතාගේ අවසන් කටයුතු 11 දා සවස මාකවිට රෝමාණු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.



Recommended Articles