පැයකට වැඩිකාලයක් වන අලියා ග්‍රහණයේසිටි පුද්ගයකුට සිදුවූ දේ


දඹුල්ල වෑවලවැව, අලකොලවැව, ප්‍රදේශයේ වම්බටු හේනක පැල් රැකීම සඳහා ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉතා අමානුෂික ලෙස වන අලියෙකුගේ පහර කෑමකට ලක්ව 20 දින රාත්‍රියේ මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි

 මෙසේ  මීයගොස් ඇත්තේ  හැටන් ප්‍රදේශයේ සිට  දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ කුලී කම්කරු   රැකියාවක් සඳහා පැමිණ සිටි  අයෙකු බව හඳුනාගෙන තිබේ

 අලකොළවැව ප්‍රදේශයේ වම්බටු වගාවක කුලී රැකියාව කරන මෙම මියගියා පුද්ගලයා වයස අවුරුදු හැටපහක් පමණ වන අයෙකු බවත් ඔහු පිළිබධව නිච්චිත තොරතුරක් නොමැති බව  පොලිසිය සඳහන් කළේය.

   ආසන්නයේ නිවසක   රාත්‍රී ආහාර ගෙන එම ගොවි මහතා සමග කතා කරමින් සිට ඔහු වම්බටු වගාවවේ ඉදිකොට ඇති ගහ උඩ පැලට යන බව පවසමින් පැමිණි බවත් විනාඩි කිහිපයක් යද්දී මිය ගිය අයගේ විලාපය ඇසී    ඔහු සමග  එකට ආහාර ගත් ගොවි මහතා විදුලි පන්දම දල්වා බලන විට වන අලියාගේ පහරදීමකට ලක්වන බවත් ඔහු වන අලියා විසින් ඔසවා අසල තිබූ ගසක ගසන අයුරු දුටු බවද   සඳහන් කළේය

 පස්වරු  08 පමණක් වන අලි පහරදීම සිදුවූ බවත් පැයකට අධික කාලයක් වන අලියාගේ ගොදුරක් බවට පත්ව සිටි මෙම පුද්ගලයා  බේරා ගැනීමට උත්සාහ කලද වන අලියා පලවා හැරීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

   කාලයක සිට මෙම අලියා ප්‍රදේශයේ ජනතාවට සහ ජන ජීවිතයට දැඩි හානි සිදුකරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති්, මෙම ස්ථානයට වැඩම කරන්නට වූ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් දැඩි ලෙස පොලිසියට චෝදනා කළේ කිලෝමීටර් හයක පමණ දුරක් පැමිණීමට පැය ගණනාවක් ගතව තිබෙන බවය

    මෙම වන අලි කරදරය ජනතාවට පත්ව ඇත්තේ පසුගිය රජයන් හා පාලන සමයන්හිදී මහා වනමැද අක්කර  සිය ගණනාවක් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අත්පත් කර දීම නිසාවෙන් බව උන්වහන්සේ දැඩිව ප්‍රකාශ කරන්නට වූහ.
( I J )  කාංචන කුමාර ආරියදාස



Recommended Articles