පැය 24කදී බීමත් රියදුරන් 251ක් අල්ලයි


ඉකුත් පැය 24 තුළදී බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයන් 251 කු ඇතුළු අනෙකුත් මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 8747 කුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ  පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය

එකී පැය 24 තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් මාරක රිය අනතුරක් වාර්තා නොවූ බව මාධ්‍ය ප්‍රකාශකවරයායා කීය.

ඉදිරි කාල සීමාව තුළදී බීමතින් තොරව මාර්ග නීති වලට අනුකූලව රිය පදවමින් ඔබගේත් අන් අයගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සහාය වන ලෙස.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත උත්සව සමයේ රිය අනතුරුව අවම කර ගැනීමේ විශේෂ රථ වාහන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles