පැන ගිය ආසාදිතයා ජාතික රෝහලට ගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරු නිරෝධායනයට


අයි.ඩී.එච් රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.

ආසාදිතයා නැවතත් කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර තිබේ.

මෙම ආසාදිතයා අයි.ඩී.එච් රෝහලෙන් පිට වී කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට ගොස් තිබේ.

ආසාදිතයා කොළඹ කෙලින් වීථියට පැමිණ ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වයි.



Recommended Articles