පැච් එකක කථාවක් 11ක් පොලිස් කූඩුවට යවයි


අලුත්ගම,දර්ගානගරයේත්‍රීරෝද,යතුරුපැදී ටයර් අලෙවිකරන සහ පැච් දමන ස්ථානයක  දෙපාර්ශවයක් අතර(10)  සන්ධ්‍යාවේ ඇතිවූ ආරවුලක්   පහරදීකලහකාරි තත්ත්වයක් දක්වාදුර දිගගොස් ඇතැයි කියන සිද්ධියට සම්බන්ධ දර්ගා නගරයේ සහ පයාගල හාල්කඳවිල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් එකලොස් දෙනකු  අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි  පොලිසිය කියයි.

  මෙම ආරවුලට මුල්ව ඇත්තේ යතුරුපැදියක එක් රෝදයක පැච් එකක් දැමීම  පිළිබඳ වූ  කතාබහක් දුර දිග ගොස්  කලාකාරීව එක් පාර්ශවයකට තවත් පාර්ශවයක් විසින් පහරදී අයුතු ලෙස හැසිරීම හා පිරිස් රැස්වී  මහජන කැලඹීමක් ඇති කරලීමට උත්සාහ කිරීම බව පොලිසිය කියයි. මෙම සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට  අලුත්ගම පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

මෙලෙස  අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා තබා ඇති ප්‍රදේශයේ සාමයකඩ කිරීමට  උත්සාහ කළ    දෙපාර්ශවයේ  සැකකාර පිරිස (11)   දින  කළුතර මහේස්ත්‍රා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත, යන මහත්වරුන්ගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථානාධිපති රමේස් රත්නසිංහම්,  උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, උප පොලිස් පරීක්ෂක රාජ කරුණා (අධිකරණකටයුතු) පොලිස් සැරයන් වරුන් වන සිල්වා(14953)  වීරසිංහ(72919) පොලිස් කොස්තාපල් ඉන්දික(95183) යන මහත්තුරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණසිදු කරයි.

තුසිත කුමාර ද සිල්වා

   



Recommended Articles