පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත හෙළි කරනවා


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඇත්ත හෙළිකරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

කටුනායක ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම ඒ සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙසට පොලිස් දෙපාර්තමේන්තුවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවත් ඔහු කීවේය.

"2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න පාස්කු ප්‍රහාරය මතුර මතුර ගියපු අය අවුරුදු 5කට පස්සේ අවදි වෙලා. දැන් කියනවා අර වාර්තාව දෙන්න, මේ වාර්තාව දෙන්න කියලා. ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා. ඒ දෙකම විමර්ශන කමිටු නෙමෙයි. මම එනකොට හිටපු ජනපති ලේකම්ගෙන් ඇහුවා ඒ වාර්තාවලට මොකද වුණේ කියලා. 

රනිල් වික්‍රමසිංහගේ වුවමනාව තිබුණේ මේ පරීක්ෂණය යටපත් කිරීමට. අපි පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නා පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා. අන්න එතකොට කෝමා වෙලා හිටපු අය අවදි වුණා. ඒක කඩාකප්පල් කරන්න, අකුල් හෙලන්න. මේ පුද්ගලයාගේ මැදිහත්වීම සැබෑ වරදකරුවන් සොයාගන්න නෙවෙයි."



Recommended Articles