පාස්කු කොමිෂන් සභා වාර්තාව කඩිනමින් ජන ගත කරන ලෙස කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලයි


පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයට පමණක් සීමා නොකර එම වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර ජනගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.

කෝච්චිකඩේ සාන්ත අන්තෝනි මූනිඳුන්ගේ දේවස්ථානයේ (21දා ) පැවැත්වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ සය වසර සිහි කිරීමේ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියහ.

“දැනට පාර්ලිමේන්තු පුස්තකාලයට පමණක් ලබා දී ඇති පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනක්ද සිල්වා විනිසුරුතුමන්​ගේ සභාපතීත්වයෙන් යුක්ත වූ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කර ජනගත කරන ලෙස ඉල්ලනවා. ”



Recommended Articles