පාසල් සිසුන් අපයෝජනය කළ විදුහල්පතිට එරෙහිව පැමිණිල්ලක්


පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ විදුහල්පතිවරයෙකු පිළිබඳ ඊයේ (22)කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව කතරගම පොලීසිය පවසයි. 

 විදුහලේ 8 සහ 9වසර වල  ඉගෙනුම ලබන මෙම සිසුන් ක්‍රීඩා කටයුතු වලට පාසැලට පැමිණී විට ආහාර ගැනිමට වෙන්කර ඇති කාමරය තුලදී ලිංගික අපයෝජනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

 එක් සිසුවෙකුට 2021 වසරේ සිටත් අනෙක් සිසුවාට 2023 වසරේ සිටත් මෙම විදුහල්පතිවරයා විසින් ලිංගික අපයෝජනයසිදු කළ බවට ඔවුන් පැමිණිලි කර ඇති අතර කතරගම පොලීසිය විසින් විදුහල්පතිවරයා අත්තඩංගුවට ගෙන ඇත.

 අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයා 49 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවත් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කතරගම පොලීසිය විසින් සිදුකරන බවත් කතරගම පොලීසිය පවසයි.

බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ 



Recommended Articles