පාර්ලිමේන්තුවේ 225ම ආණ්ඩුව වෙන්න ඕන රටට හොඳ එතකොටයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දෙනා ආණ්ඩුව සමග හෙට අනිද්දා එකතුවන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06දා) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිපල නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස නොසලකා ආණ්ඩුවේ ඇමතිකම් ගැනීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසතුටින් සිටින්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ පෑනයට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය. එහි දී මෙසේ ද කීය.

"මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙශ්ඨ උපසභාපතිවරයා, සන්ධානයේ ලේකම්වරයා එහෙම ප්‍රශ්නයක් නෑ.දැන් පක්ෂයත් ළඟ දී ආණ්ඩුවට එකතු වෙනවා. එතකොට කොහොමවත් ගැටලුවක් නෑ. අපි කියන්නේ පක්ෂ විපක්ෂ භේද නැතුව 225 ම ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න ඕන. විපක්ෂයක් ඕන නෑ. 225 ම ආණ්ඩුව වුනොත් රටට හොඳ වෙයි."



Recommended Articles