පාර්ලිමේන්තුව් ආසන 225ම බලය කිසිවෙකුට ලැබෙන්නේ නෑ


මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 225ක බලය කිසිවෙකුට ලබා නොදෙන බවත් මහ මැතිවරයේදී ශක්තිමත් විපක්ෂයක් සෑදීම වෙනුවෙන් ජනතාව චන්දය ලබා දීම සදහා ජනතාව සූදානමින් සිටින බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඒ අදහස් පල කර සිටියේ පොළොන්නරුව නවනගරයේදී මාධ්‍ය වෙත අද උදෑසන අදහස් පලකරමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද  පවසා සිටියේය.

"අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  තුල කිසිම කෙනෙකුට පාර්ලිමේන්තුවේ 225ක් ලබා දෙන්න පුලුවන්කමක් නෑ.ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් විපක්ෂයක් හැදීම සදහා උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්‍තුවට යැවිය යුතුයි.පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක් තිබුණොත් තමයි ආන්ඩුවේ කටයුතු නිසි පරිදි කරගෙන යන්න පුලුවන්නෙ.

ඒ නිසා ආන්ඩුව කරගෙන යන හොද වැඩවලට විපක්ෂයක්  විදිහට අපි සහයෝගය ලබා දෙනවා වගේම ආන්ඩුව රටට ජනතාවට එරෙහිව සිදු කරනු ලබන හැම අකටයුත්තකදීම අපි ඊට විරුද්ධව කටයුතු කරනවා.ඒ නිසා මේ මැතිවරණයේදී සර්වජන බලය විදිහට අපි පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවලා විපක්ෂයේ කාර්යය ඉටු කරන්න ජනතාවට චන්දය ලබා දෙන්න කියල අපි ජනතාවගෙන් ඉල්ලනවා."



Recommended Articles