පාර්ලිමේන්තුව විසුරුවා හරියි


මෙරට 9 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාළ ගැසට් නිවේදනය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කෙරිණි. ජනපතිවරයා පසුගිය ජනපතිවරණයේදි ලබාදුන් පොරොන්දු අනුව මෙම විසුරුවා හැරිම සිදු කෙරිණි.

මේ අනුව නව පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 21 වැනිදා රැස්විමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 දා පැවැත්වීමට නියමිතය.

මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 4 දා සිට 11 දා දක්වා සිදු කෙරෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව එහි සියලුම මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසිවිය.

 



Recommended Articles