පාර්ලිමේන්තුව ලබන 2දා හදිසියේ කැඳවයි


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව ලබන ජූලි 02වැනිදා පාර්මේන්තු විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අනුව එදින පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස් වන අතර, ඒ සඳහා සහභාගි වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.



Recommended Articles