පාර්ලිමේන්තුව අද රැස්වෙයි


මෙම සතියේ පාර්ලිමේන්තුව අද (5දා) සිට ලබන 07වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව අද පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.30 පෙ.ව 11.00 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 
පෙ.ව 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 3.30 කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතයි. ප.ව 3.30 - ප.ව 5.30 කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.



Recommended Articles