පාර්ලිමේන්තුව අද පැය දෙකකට සිමා වෙයි


පැය දෙකක  කාලයක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව එක් දිනකට පමණක් සීමා කිරීමට පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේ දි තීරණය කරනු ලැබුවේය.

ඒ අනුව, අද (03) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

යළිත් නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරින්, සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තු සංකිර්ණය වෙත ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Recommended Articles