පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ්


බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව එම අංශයේ සියලු දෙනා පරීක්ෂාවට ලක්කර ඇති බවත් එම පරිශ්‍රයට කිසිවෙකුටත් ඇතුළුවීමට අවස්ථාව නොමැති බවත් ඔහු පැවැසීය.

පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයෙන් සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් එහි ගිය තමන්ට විනාඩි 35ක පමණ කාලයක් පිටතට වී සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල්ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ අදහස් දැක්වීමට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසී්‍ය.



Recommended Articles