පානීය ජල ව්‍යාපෘතියක් නිලධාරීන් අතින් ජන අයිිතියට


මාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩාගම්මන ග්‍රාමයේ පවුල් 144කට සෙත සලසන පානිය ජල ව්‍යාපෘතිය පසුගියදා නිලධාරීන් විසින් ජනතා අයිතියට පත්කරනු ලැබීය.

වසර ගණනාවක් තිස්සේ පාණිය ජල ගැටලුවකට මුහුණ දුන් කවුඩාගම්මන ජනතාවගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වු කදුකර දශකය ව්‍යාපෘතිය යටතේ මෙම පාණිය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සදහා කදුකර දශකය වැඩසටහන යටතේ රු.මි. 6.8ක මුදලක් වැය කොට තිබේ. ජල මුලාශ්‍රයේ සිට මීටර් 1400ක දුරක් නල මගින් ජල ටැංකිවෙත රැගෙනවිත් එම ටැංකිවල සිට මීටර් 1500ක් ජල නල ඔස්සේ ජලය බෙදා හැරීම සිදුවේ.

මෙම ව්‍යාපෘතිය පිළිබදව අදහස් දක්වමින් මාතලේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ අනුරුද්ධ බණ්ඩාර මහතා පැවැසුවේ පාර්ශව රැසකගේ සහයෙන් කණ්ඩායමක් වශයෙන් එක්ව කටයුතු කොට මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගත් බවයි.

දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ අඹන්ගග හිටපු ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර , වත්මන් ප්‍රාදේශීය ලේකම් තුසිත දිසානායක, දිස්ත්‍රික් ඉංජිනේරු පණ්ඩුල පල්ලේකුඹුර, නියෝජ්‍ය ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ එන් රමණි යන මහත්ම මහත්මීන් කාර්මික නිලධාරින්, වසමේ සංවර්ධන නිලධාරි ඇතුළු විශාල කණ්ඩායමකගේ කැපවීම මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරිමට හැකියාව ලැබී තිබේ.



Recommended Articles