පානදුර වෙරළට ගොඩ ගැසූ යෝධයා මිය යයි


අඩි 15 ක පමණ දිගැති කිලෝ දෙදහසක් පමණ බරැති  තල්මසෙකු අද (03)  උදැසන පානදුර වෙරළට ගොඩගසා සිටී බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය  පවසයි .

සත්වයාගේ ශරීරයේ සීරිම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත්, ගොඩට පැමිණ සුළු වේලාවකින් මියගොස් ඇති බවත් සදහන් වේ.

සත්වයා  පිරිමි සත්වයෙකු බවට හදුනාගෙන ඇති අතර  , අත්තිඩිය වනජීවී කාර්යාලය සහ නාරා ආයතනය දැනුවත් කල බවත්, ඔවුන් පැමිණීමට නියමිත බවත්  පොලිසිය පවසයි.

පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම් 



Recommended Articles