පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ පාසල් සිසුන් හයක් අත්අඩංගුවට


පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 16 වන වියේ පසුවන පාසල් සිසුන් පිරිසකි,

සැකකරුවන් හයදෙනා පානදුර වෙරළ තීරයේ ඇති පොදු  වැසිකිලිය අසලට පැමිණ තිදෙනෙකු කිසිවෙකු පැමිණේද ? යන්න නිරීක්ෂණය කරමින් සිටියදී අනෙක් තිදෙනා එහි සිටි සේවකයා බියගන්වා මුදල් පෙට්ටිය කොල්ලකා පලාගොස් තිබේ.

එහිදි බියට පත් සේවකයා ඉවතට පැන උදව් ඉල්ලා කෑගැසීමේදී අවට සිටි පිරිගේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

කොල්ලකෑ මුදල් භාජනයේ තිබී ඇත්තේ රුපියල් 415 ක් බවද උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කලේය.

මුදල් කොල්ලකෑ ප්‍රධාන සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට සහ අනෙක් සිසුන් පස් දෙනා සොරකමට අනුබල දීම සම්බන්ධයෙන් සමථ මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි 

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි පානදුර  දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ගේ ප්‍රධානත්වයෙන්  පරීක්ෂණ පවත්වති. 

පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම් 



Recommended Articles