පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තාන ජාතික මලික් අද්නන් වෙත පාකිස්තානයේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන ටම්ඝා අයි සුජාත් සම්මානය පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
අන්තවාදීන් විසින් ප්‍රියන්තව කෘර ලෙස වද හිංසා පමුණුවන අවස්ථාවේදී තම ප්‍රියන්තව බදා ගනිමින් ඔහුව ආරක්ෂා කිරීමට මලික් කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් අන්තවාදීන්ගෙන් ප්‍රියන්තව බේරා ගැනීමට මලික්ට අවස්ථාව නොලැබුණි. මේ අතර පන්ජාබ් රජයද මලික් වෙත මානව හිමිකම් සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.
On behalf of the nation I want to salute moral courage & bravery of Malik Adnan who tried his utmost to shelter & save Priyantha Diyawadana from the vigilante mob in Sialkot incl endangering his own life by physically trying to shield victim. We will award him Tamgha i Shujaat
— Imran Khan (@ImranKhanPTI) December 5, 2021