ප්‍රමිතියෙන් තොර ප්‍රති දේහ එන්නත් යළිත් මෙරටට ගෙන්වලා - සී.අයි.ඩී.යට පැමිණිල්ලක්


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ නැවත වරක් මෙරටට ඉන්දියාවෙන් ගෙන්වා ඇති බවත්, අදාළ ​ඖෂධ තොගය පසුගිය සැප්තැම්බර් මාසයේ එම ඖෂධ තොග සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කර ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

ඒ පිළිබඳ අද(30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අත්අඩංගුවට පත්වීමෙන් පස්සෙත් මේ රටට බාල ඉමියුනෝග්ලොබියුලීන් මෙවර ඉන්දියාවෙන් ගෙන්වපු බව දැන් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස් විසින් ඉදිරිපත් කරපු මේ නව වාර්තාවේ සඳහන් වෙනවා. මේ ඉමියුනෝග්ලොබියුලීන් තොගයත් තත්ත්වයෙන් බාල නිසා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ  සම්පූර්ණයෙන්ම එම තොග භාවිතයෙන් ඉවත් කළ බව සඳහන් වෙනවා. 



Recommended Articles