ප්‍රභූ පර්යන්තයේ සේවය කළ නායක ගුවන් භටයාගේ රාජකාරි ගිනි අවිය වැරදිමකින් පත්තුවෙයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය 04/30 දින උදෑසන පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .

04/30 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර කිසිදු ජීවිත හානියක් එයින් සිදු වී නොමැති බව ද වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ ප්‍රභූ  අමුත්තන් සහ මුදල් ගෙවා මෙම පහසුකම් ගුවන් තොටුපොළෙන් ලබා ගන්නා ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් මෙම පර්යන්තය හරහා නිරත නිතර ගමන් ගැනීම සිදු කරති .

මේ වනවිට මෙම නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර  කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව  එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



Recommended Articles