ප්‍රථම ආදිවාසි කොවිඩ් මරණය වාර්තා වෙයි


දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිතක්ෂයට පත්ව  තිබේ . බණ්ඩාරවෙල  දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී   මෙසේ ‍ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වය​ස 65​ක පුද්ගලයෙකි  .

මේ පුද්ගලයා ආදිවාසී රැහේ අයෙක්  අයෙක් බවත් ඔහු කලක සිට විවිධ රෝගවලට ගොදුරුව සිටි අයෙක් බවත් ආදිවාසී නායක ඌරුවන්නයලැ ඇත්තෝ  පැවසීය .

මෙය මෙරට කොවිඩ් ආසාධනයවීමෙන් සිදුවූ ප්‍රථම ආදිවාසී මරණය බවද  වන්නියලැඇත්තෝ  සඳහන්කළේය .

අවසන් කටයුතු බණ්ඩාරවෙල ආදාහනාගාරයේදී (6) අද සිදුකිරීමට නියමිතය .



Recommended Articles