පළමු විස්සයි20 තරගයේ ජය නවසීලන්තයට


පළමු විස්සයි20 තරගයේ ජය නවසීලන්තයට

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින් තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට නවසීලන්තය සමත්විය.

පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20කදී කඩුලු 4ට ලකුණු 174ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19.3කදී කඩලු 5ක් දැවී ලකුණු 175ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.

තරගයෙ වීරයා ලෙස රොස් ටේලර් සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාව 174/4 (පන්දුවාර 20)

කුසල් මෙන්ඩිස් 79, නිරෝෂන් දික්වැල්ල 33, දසුන් ශානක 17*, ඉසුරු උදාන 15*, ටිම් සවුති 2/20

නවසීලන්තය 175/5 (පන්දුවාර 19.3)

කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 44, රොස් ටේලර් 48, ලසිත් මාලිංග 2/23



Recommended Articles