පහේ ශිෂ්‍යත්වය නැති කරනවාද නැද්ද ?


පසුගිය ජනවාරි 02 දින අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පලාත් අධ්‍යාපන ප්‍රධානීන් හමුවෙමින් රටේ ඉදිරි අධ්‍යපන සැලසුම් ප්‍රථිපත්ති පිලිබඳ සාඛච්චාවක නිරතවී තිබෙනවා. ඒහිදී සිදුකරන පරිවර්ථනීය වෙනස්කම් වලදී අවබොධයෙන් හා ඒකඟතාවෙන් කටයුතු කල යුතු බවඉතාමත් අවධාරණයෙන් අදහස් දක්වා තිබෙනවා. ඒසේ ාවුනහොත් අර්බුධයක් ඇතිවීමට ඉඩකඩ ඇතිබවත් අධ්‍යපනය යනු ඉතාමත් සංවේදී මාතෘකවක් බවත් ප්‍රකාශ කොට තිබෙනවා. ඒහදී අදහස් දැක්වූ ඒතුමිය පහේ ශිෂ්‍යත්වය පිලිබඳ දක්වා ඇත්තේ මෙවන් අදහසක්.

 පහේ ශිෂ්‍යත්වය නැති කරන්න කියලා රටේ ජනතාවගේ අදහසක් තියෙනවා. එමගින් දරුවන්ට පීඩනයක් ඇති කරනවා කියල කියනවා. හැබැයි එහෙම තීරණයක් ගන්න කලින් පහේ ශිෂ්‍යත්වය ඇති කරන්න හේතුව බලන්න ඕන නේ. ඒකට හේතුව පාසල් අතර තියෙන පරතරය. පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න නම් පාසල් අතර තියෙන ප‍රතරය නැති කරන්න ඕනේ. ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැතුව නෛතික හෝ ප්‍රතිපත්ති තීරණ විතරක් ගත්තොත් රටේ අර්බුද ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් අවම කරන්න පොදු විභාග ක්‍රමය යටතේ විභාගයට මුහුණ දෙන දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. තීරණ ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටයි අපි උත්සාහ කරන්නේ. දේශපාලඥයා, අමාත්‍යවරයා හෝ ලේකම්වරයා තනි තීරණ ගන්න එකක් නෙමෙයි මේක, දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් සැකසීමටයි අපි උත්සහ කරන්නේ."

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles