පස්සර පොලිසියේ 6 දෙනෙක් නිරෝධායනයට


කොවිඩ් 19  ආසාදිතයෙක් බවට  පී.සී.ආර්.  පරීක්ෂණයකින් තහවුරුවූ   පස්සර  කනවරැල්ල පදිංචිකරුවෙක්  ඊට දින කීපයකර පෙර  පස්සර පොලිස් ස්ථානයට පැමිණීමේ හේතුවෙන් ඔහු පොලිස් ස්ථානයට  පැමිණි අවස්ථාවේ සේවයකළ පොලිස් නිලධාරින් 6 දෙනෙකු ආශ්‍රිතයන් සේ සැකකර  ඊයේ  සිට ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .

එම පොලිස් නිලධාරින්  6 දෙනාගේ පී.සී.ආර්.පරික්ෂණ  සිදුකර ඇති අතර වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවද  හෙතෙම පැවසීය .

පාලිත ආරියවංශ 

 



Recommended Articles