පැවති ධාරාණිපාත වර්ෂාව නිසා අද19 අලුයම බෙරගල වැල්ලවාය මාර්ගයේ පහළ විහාරගල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට විශාල ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ගල්කුළු ගස් සමග විශාල පස් කන්දක් මෙම ස්ථානයේ දී මාර්ගයට වැටී කිලෝ මීටර් 184 වැනි කණුව අසල ප්‍රදේශයේ දී මාර්ගය අවහිර වී තිබේ.
හැකි ඉක්මනින් මෙම අවහිරතාව ඉවත්කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අලුයම සිට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
එතෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දෙයි.
මේ දිනවල පවතින දීර්ඝ නිවාඩු ව සමඟ මෙම මාර්ග ඉතා කාර්යබහුල වී තිබේ.