පවුල් 66ක සාමාජිකයන් 169 ස්වයං නිරෝධානයට


හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන්  කොවිඩ්  වසංගත ආසාදිත රෝගීන් දෙදෙනා සමඟ සමීප සබඳතා  පැවැත්වූ පවුල් 66ක සාමාජිකයන් 169  ඔවුන් පදිංචි නිවෙස් වලම ස්වයං  නිරෝධායනයට  ලක්කර ඇතැයි  කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

එම පිරිස මදුරාවල ,හොරණ, මිල්ලනිය, මතුගම, බණ්ඩාරගම, බුලත්සිංහල හා ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පදිංචිකරුවන් බව  ගීගනගේ මහතා පැවසීය 

 



Recommended Articles