පරිභෝජනයට නුසුදුසු අමුද්‍රව්‍ය ඇති බීම මෙතරම් තොගයක්


 මිනිස් පරිභෝජනයට නුසුදුසු කෘත්‍රිම අමුද්‍රව්‍ය අඩංගු සිසිල් බීම බෝතල් විශාල ප්‍රමාණයක් මඩකලපුවේදී සෞඛ්‍ය බලධාරීන් භාරයට ගෙන තිබේ. 

 මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.මුරලීස්වරන්ගේ උපදෙස් මත මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඊ.උදයකුමාර් මහතාගේ මඟපෙන්වීම මත කෝට්ටේමුනේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.මිතුන්රාජ් මහතා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය නිලධාරීන් එම හදිසි මෙහෙයුම් සිදුකර නීති විරෝධී බීම වර්ග සොයා ගන්නා ලදි

 මිනිස් පරිභෝජනයට නුසුදුසු අම්ල සිසිල් බීම බෝතල්වලට ඇතුළත් කර ඊට නුසුදුසු වර්ණය  අමුණා ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සිසිල් බීම නිෂ්පාදකයාට, බෙදාහරින්නාට සහ අලෙවිකරුට එරෙහිව නඩු පවරා ඇත.

 15,000 බැගින් සහ නිෂ්පාදකයාගෙන් රුපියල් 30,000 ක් මුළු දඩ මුදල 60,000 කි.

 මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු දර්ශිනී මහත්මිය නියෝග කළේ මෙම සිසිල් බීම වර්ග විනාශ කර වෙනත් අලෙවිසැල්වලින්ද එම බීම බැහැර කරන ලෙසයි.

 මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම  බීම බෝතල් අද පෙරවරුවේ විනාශ කර ඇත. ( I J )

ට් එල් ජව්ෆර්කාන් 



Recommended Articles