නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම මේ වනවිට සක්‍රියව විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් ඒ අනුව උපරිම ධාරීතාවයෙන් විදුලිය නිෂ්පාදනය 17 අලුයම වන විට ආරම්භ වු බව විදුලි බල මංඩල උසස් නිළධාරීයකු පැවසිය.
පානදුර විදුලි උපපොලේ ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රටපුරා පසුගිය 9 දින විදුලිය සම්පුර්ණයෙන් නැවති තිබු අතර එය යථා තත්වයට පත් කිරීමට දිනකට ආසන්න කාලයක් ගතව තිබුනි.
නමුත් පානදුර උප පොලේ සිදුවු කාර්මික දෝෂයත් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබු ජනන යන්ත්‍ර තුනම එකවර නැවති යාමත් සමග රටේ විදුලි අවශ්‍යතාවය නැවති ගොස් තිබුනි.
කෙසේ වෙතත් නැවති ගිය ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුන අතරින් තුන්වන අධියරේ ජනන යන්ත්‍රය පසුගිය 14 දින යථා තත්වයට පත්කරමින් ජාතික පද්ධතියට නැවත එක්කරමින් විදුලි නිෂ්පාදනය ආරම්භ කර තිබුනී.
ඒ සමගම නැවත පලමු ජනන යන්ත්‍රයද 15 දින සක්‍රිය කල ලක්විජය විදුලි ඉංජීනේරුවන් හා කාර්ය මංඩලය ඒ වන විට අක්‍රියව පැවති දෙවන ජනන යන්ත්‍රය ද 17 දින අලුයම වන විට ජාතික පද්ධතියට එක්කිරිමට සමත්ව තිබුනී.
ඒ අනුව ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගොවට් 900 කට ආසන්න විදුලියක් නිෂ්පාදනය ආරම්භ වි ඇති බව විදුලු බල මංඩල ඉහල නිළධාරීන් පවසයි.
මෑත කාලයෙ ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුන කඩිනමින් ක්‍රියාත්මක කල පලමු අවස්ථාව මෙය බවත් පසුගිය කාලයෙ මෙවැනි නඩත්තු සදහා මාසයකට අධික කාලයක් ගෙවි ගොස් තිබු බවද කියයි.
කෙසේ නමුත් ලක්විජය බලාගාරය යලි ජනන යන්ත්‍ර තුනම සක්‍රිය විමත් සමග විදුලි ගැටළුක් නොමැති බව ඉහල නිළධාරින් පවසති.