නොරොච්චොලේ බලගාරය 14 වන දින පද්ධතියට සම්බන්ධ කර ගැනිමට හැකි වුවහොත් 14 වන දින සිට විදුලි කප්පදුවක් සිදුනොවන බව විදුලිබල මන්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, කැලණීතීස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සදහන් කළේය.
අද(12) දිනයේදි විදුලි ඉල්ලුම් අඩු නිසා විදුලි කප්පාදුවක් සිදුනොවන බවත් හෙට(13) දිනයේදි විදුලි කප්පාදුවක් සිදුවන වාද යන්න අද දිනයේදි ප්‍රකාශයට පත් කරන බවද පැවසිය.
අක්‍රිය වි තිබෙන නොරොච්චොල බලාගාරය යථා තත්ත්වයට පත් කිරිම සදහා විදුලිබලමණ්ඩල සේවකයින් දිවා රාත්‍රි කටයුතු කරමින් සිටින බවද සදහන් කළේය.
නිවාඩු දිනක දෛනික විදුලි ඉල්ලුම මේගාවොට් දෙදහස් එකසියක මට්ටමේ පවතින බවත් වැඩකරන දිනක විදුලි ඉල්ලුම් මොගාවොට් දෙදහස් හයසියක මට්මේ පවතින බවද පැවසිය.
දැනට ක්‍රියාත්මක වන බලාගාර තුලින් දෛනිකව මොගාවොට් දෙදහස් තුන්සියක් පමණ විදුලි ඒකක ප්‍රමාණයක් නිෂ්පදනය වන බවත් මේ අනුව නොරොච්චොලේ විදුලිබලාගාරයේ යන්ත්‍ර තුනෙන් එකක් ක්‍රියාත්මක කර ගැනිමට හැකියාවක් ලැබුණහොත් විදුලි කප්පදුවක් සිදුනොවන බවද සදහන් කළේය.
නොරොච්චොල් බලාගාරය මේ මස 14 වන දින වන විට සම්බන්ධ කිරිමට සැලසුම් කර තිබෙන බවද පැවසිය.