නේපාලයේ හා ඊශ්‍රායෙලයේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් 9/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

නේපාලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු රැගෙන කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 182 දරන විශේෂ ගුවන් යානය 9/03 සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මීට අමතරව ඊශ්‍රායලයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 203 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය ජෝර්දානයේ අම්මාන් නුවර සිට 9/03 දින රාත්‍රී 8.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණි .



Recommended Articles