නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල මරණ සියය ඉක්මවයි


මධ්‍යම පළාතේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන මරණ සංඛ්‍යාව සියය ඉක්මවා වාර්තාවීම ඊයේ (23) දින වාර්තා වූහ.

ඒ මාතලේ දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 100ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 101 ක් ලෙසින් වාර්තා වීමත් සමඟ වන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ ගණන 387 කි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 588ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම පළාත තුළින් ඊයේ ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව මරණ සංඛ්‍යාව 14කි. ඒ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 06 බැගින් සහ හා මාතලේ දිස්ත්‍රික්කයේ 02ක් ලෙසිනි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles