සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශිය සහ විදේශීය සංචාරකයන් පවුලේ සාමාජිකයන් සමග විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එක්වරම නුවරඑලිය නගරයට පැමිණිම හේතුවෙන් නුවරඑලිය මහ නගර සභා සීමාවේ සහ ඊට යාබදව පිහිටි ප්‍රදේශවල සංචාරක හෝටල්වල සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර පිරි ඇති බවයි නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ නිළධාරියෙකු කියා සිටියේ.
නුවරඑලිය මහ නගර සභාව මගින් මේ දිනවල පවත්වන වසන්ත උදානයට සහභාගි වීම සදහා මෙම පිරිස පැමිණ ඇති බවත්, එසේ පැමිණි සංචාරක පිරිස ග්‍රෙගරි වැව, වික්ටෝරියා උද්‍යානය ඇතුලු නුවරඑලියේ සංචාරක ආකර්ෂණය දිනු සුන්දර ස්ථානවල රැදී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
නුවරඑලියට පැමිණෙන සංචාරකයන් සදහා අවශ්‍ය සියළුම පහසුකම් නුවරඑලිය මහ නගර සභාව මගින් සංවිධානය කර ඇති අතර, නුවරඑලිය මූලස්ථාන පොලිසිය මගින් සංචාරකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද දියත් කර ඇත.