නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් නාවික හමුදා භාරයට


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

කොක්කඩි, නන්දිකඩාල්, මුලතිව්, ආනවාසල, සින්නපාඩු සහ කඩෙයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි පසුගිය පෙබරවාරි මස 13 සිට 19 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට ​ගෙන ඇත.

එහිදී  නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම, වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් හා හක්බෙල්ලන් ඇල්ලූ මෙම පුද්ගලයන් සිය භාරයට ​​ගෙන ඇත.

මෙහිදී ධීවර යාත්‍රා 12, යතුරු පැදියක් සහ නීති විරෝධී ධීවර දැල් 156, මුහුදු කූඩැල්ලන් 184 හා හක්බෙල්ලන් 22 ද සොයාගෙන තිබේ.



Recommended Articles