නිවුන් සොහොයුරෝ උසස්පෙළට A සාමාර්ථ තුන බැගින් ලබා ගනිති


අම්බලන්ගොඩ මාදම්පා ජාතික පාසලේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකු මෙවර උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් මුහුණදුන් විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබාගැනීම විශේෂයෙන්ම කැපී පෙනේ.

පැතුන් සම්පත් හා මිතුන් සම්පත් මේ දස්කම් දැක්වූ නිවුන් සොහොයුරෝය.

මේ දෙදෙනාම මාදම්පා ජාතික පාසලේ ප්‍රධාන ශිෂය  උප ප්‍රධාන ශිෂය නායකයෝද වෙති.

පැතුම් සම්පත්  සිය විදුහලේ පධාන ශිෂය නායකයා වන අතර මිතුන් සම්පත් උප පධාන ශිෂනායකයාය.

මොවුන් දෙදෙනාගෙන් පැතුන් සම්පත්  සාමානය පෙළ විභාගයේදී   A සාමාර්ථ 8 ක් ලබාගත් අතර මිතුන් සම්පත් A  සාමාර්ථ 7ක් සමගින් එම විභාගයද  අති විශිෂ්ඨ ලෙස සමත්ව තිබේ.



Recommended Articles