නිවසේදී දිවි තොරකර ගත් අයෙකුට කොවිඩ්


සිය නිවසතුළම ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය පිළිබදව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී  ඔහු කොවිඩ් අසාධිතයෙක් බව (28) දා අනාවරණය වී තිබේ .

බදුල්ල පහලගම පදිංචි 59 හැවිරිදි   පුද්ගලයෙක් (27) දා   මෙසේ ගෙල වැළලාගෙන  තිබූ අතර මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බදුල්ල මහ රෝහලට රැගෙන ආ බවත්  පීසීආර් පරික්ෂණයේදී  ඔහු කොවිඩ් ආසාධිතයෙක් බව තහවුරුවූ බවත්  බදුල්ල මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම්. ලීලාරත්න මහතා  පැවසීය .

පවුල් ආරවුලක් නිසා ඔහු ගෙල වැලලාගෙන ඇති බව හදිසි මරණ පරික්ෂණයේදී අනාවරණය වූ බවද ලීලාරත්න මහතා සඳහන් කළේය.

පාලිත ආරියවංශ



Recommended Articles