පාස්කු බෝම්බ ප්‍රහාරයට අදා<ව පවරා ඇති වන්දි නඩුකර පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කාලාවරෝධී වී ඇති බවට ඉදිරිපත් කළ විරෝධතාවය, මූලික නෛතික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස සලකා බලන ලෙසට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් සිදුකරන ලද ඉල්ලීම මීගමුව දිසා විනිසුරු ලලිත් කංනන්ගර මහතා විසින් අද දින ( 11) ප්‍රතික්ෂේප කරන ලදී.
පාස්කුබෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩු 182ක්විටින් විට පූර්ව නඩු විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවල හතරවන සහ පස්වන විත්තිකරුවන් වන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයවළුන් පෙනී සිටි නීතීඥයන් තර්ක කර සිටියේ තම සේවාදායකයින් දෙදෙනාම පොලිස් නිළධාරීන් වන නිසා ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාල සිදුවීම සිදු වී මාස 3ක් තුළ පැවරිය යුතු බවයි.
කෙසේ වෙතත්, පැමිණිලිකරුවන්අදාල නඩු පැවරීම බෝම්බ ප්‍රහාරය සිදුවී මාස තුනක් තුළ සිදු නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වන තම සේවාදායකයින්ට එරෙහි වන්දි නඩු මූලාරම්භයේදීමනිෂ්ප්රභා කළ යුතු බවත් එම නීතීඥයින් විසින් මූලික විරෝධතාවයක් ලෙස ඉදිරිපත් කර තිබුණි.
එම මූලික විරෝධතාවය සම්බන්ධයෙන් වන කාරණාව නඩු විභාගය මූලාරම්භයේදී ම මූලික නෛතික ප්‍රශ්නයක් ලෙස සලකා විසඳිය යුතු බවට පූජිත ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් විසින් පූර්ව නඩු විභාගයේදී අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් තර්ක කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාල පොලිස් නිළධාරීන්ඇතුලු අනෙකුත් විත්තිකරුවන් වගකිවයුතු බව තම සේවාදායකයින් හට දැනගැනීමට ලැබුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ කටයුතු සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා වලින් බවයි. ඒ සම්බන්ධයෙන් දැනගත් පසු නියමිත කාලය තුළ සියලු නඩු පැවරීමට පැමිණිලිකරුවන් කටයුතු කර ඇති බවත් ඒ අනුව විත්තිකරුවන්ගේ ඉල්ලීමට ඉඩ ලබා නොදෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් කියා සිටින ලදී.
ඒ සම්බන්ධයෙන් පැවැත්වූ විමසීමෙන් අනතුරුව, ඊට අදාල නියෝගය ලබා දෙමින් දිසා විනිසුරු ලලිත් කංකන්ගර මහතා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ගේ විරෝධතාවය නඩු විභාගය අතරතුර ඉදිරිපත් වන සාක්ෂි මඟින් සනාථ කරගත යුතු වන කාරණාවක් බැවින් එය මූලික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස පිළිගත නොහැකි බවත්, ඒ අනුව නඩු විභාගය අවසානයේදීඑකීකාරනාව සලකා බැලිය හැකි බවත්ය.
ඒ අනුව මෙම නඩුව අනෙකුත් නඩු සමඟ විභාගයට නියම කිරීම සඳහා දෙසැම්බර් 13 වන දින කැඳවීමට ද දිසා විනිසුරුවරයා විසින් නියම කරන ලදී.
මෙම නඩුකර වල පැමිණිල්ල වෙනුවෙන් නීතීඥඇංජලිකා පෙරේරා මහත්මියගේ උපදෙස් මත නීතීඥ ඉන්දික බණ්ඩාර අබේකෝන් මහතා සමඟින් ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටින ලදී.
4 වන විත්තිකාර පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් නීතීඥ සමාධි ගම්ලත් මහතා ද, 5 වන විත්තිකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතීඥ මධුමතී ජයතිලක මහත්මියගේ උපදෙස් මත නීතීඥනිසසිරි දයානන්ද මහතා පෙනී සිටින ලදී.
බර්ටි වීරසිංහ