නිරෝධායනය අවසන් කළ සංඛ්‍යාව 30000 ඉක්මවයි


ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථාන වලින් අද (15දා) උදෑසන 6.00 වන විට පුද්ගලයන් 30274ක් නිරෝධායන කටයුතු අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

එසේම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 41ක් තළ පුද්ගලයන් 4689ක් නිරෝධානය වෙමින් සිටින බවද එම මධ්‍යස්තාන සඳහන් කරයි.

අද දිනයේදි පුද්ගලයන් 160ක් නිරෝධානය කටයුතු නිම කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පිටව යෑමට නියමිත බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.



Recommended Articles