නියොජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති


ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති
ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

නාමල් කරුණාරත්න මහතා -  කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

වසන්ත පියතිස්ස මහතා - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

නලින් හේවගේ මහතා - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

ආර්. එම්. ජයවර්ධන මහතා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ගමගෙදර දිසානායක මහතා - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

නීතිඥ ටී. බී සරත් මහතා - නිවාස නියෝජ්‍ය අමාත්‍ය

රත්න ගමගේ මහතා - ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

මහින්ද ජයසිංහ මහතා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

අරුණ ජයසේකර මහතා  - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

අරුන් හේමචන්ද්‍රා මහතා  - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

ඇන්ටන් ජයකොඩි මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය

මොහොමඩ් මුනීර් මහතා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය

ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

එරංග ගුණසේකර මහතා - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

චතුරංග අබේසිංහ මහතා - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා - වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

වෛද්‍ය නාමල් සුදර්ශන මහතා  - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

රුවන් සෙනරත් මහතා - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

වෛද්‍ය හංසක විජේමුණි මහතා  - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

උපාලි සමරසිංහ මහතා -  සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

රුවන් චමින්ද රණසිංහ මහතා  - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

සුගත් තිලකරත්න මහතා -  ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

සුන්දරලිංගම් ප්‍රදීප් මහතා - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

නීතිඥ සුනිල් වටගල මහතා - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

වෛද්‍ය සුසිල් රණසිංහ මහතා - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.



Recommended Articles