නිතිවිරෝධීව එකලස් කළ ජීප් රියක් සමග කළමණාකරුවෙක් අල්ලයි


රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් නීති විරෝධී අන්දමින් එකලස් කල බවට සැක සුඛෝපභෝගී ජීප් රථයක් සොයාගෙන ප්‍රසිද්ධ පෞද්ගලික කර්මාන්ත ශාලවක කළමනාකරුවකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.

නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක පින්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික  ආයතනයක කළමනාකරුවෙකු පාවිච්චි කරන බවට ලද තොරතුරක් මත පින්වත්ත ප්‍රදේශයේ දී ජීප් රථය පරීක්ෂා කොට සැකකරු අත්අඩංගුවට ගෙන සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සුඛෝපභෝගී ජීප් රථය සමග  පින්වත්ත පොලිසියට භාරදී තිබේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක කේ.ඒ. උදය කුමාර මහතා ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ගේ මෙහෙයවීමෙන් වැටලීම කර තිබේ.

පානදුර සුමිත් පොතුපිටිය



Recommended Articles