නැවැත්වූ බසය ඉදිරියෙන් පාර මාරුවීමට ගිය ඇයට අත්වූ ඉරණම


කොළඹ - වැල්ලවාය මාර්ගයේ තංගල්ල රෝහලට හැරෙන හන්දිය ආසන්නයේදී මාතර දෙස සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බැස්සවීම සඳහා නතර කර නැවත ඉදිරියට ධාවනය කිරීමේදී බස්රථයට ඉදිරියෙන් පාර මාරුවීමට ගිය කාන්තාවකගේ ගැටී අනතුරක් වී ඇත. එසේ අනතුරට ලක්වූ කාන්තාව ඊයේ (13) රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගෙස් ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ 41 හැවිරිදි බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. 

ඉන්ද්‍රමූර්ති ජයසූරිය 



Recommended Articles