නාවිකයන් 47ක් කටුනායකින් හා මත්තලින් දිවයිනට


කොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද (15දා) කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් විදේශීය නාවිකයන් 42 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඊට අමතරව ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 9093 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් සිට තවත් විදේශීය නාවිකයන් 05 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ රැදී සිටි නාවිකයන් 17 දෙනෙකු රැගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත 7/15 අලුයම 4.30 ට මත්තල ගුවන් තොටුපළෙන් ආපසු  පිටත්ව ගොස් තිබේ.



Recommended Articles