රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමෙන් කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකුම අද (27) ඉවත් වුහ.
විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර බාරදී ඔහුගේ ඇඟිලි සළකුණු වාර්තාද කැඳවා නඩුව විභාග කිරීමට සුදානමින් සිටියදී මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය වු කරුණු වලින් තම අධිකරණය කෙරෙහි සමාජයේ දුර්මතයක් වී ඇතැයි සඳහන් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු විභාගයෙන් ඉවත් වු පසු නඩුව විභාග කිරීමට යොමු කළ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාද පෞද්ගලිකක හේතූවක් මත බව කියමින් නඩු විභාගයෙන් ඉවත් විය.
ඒ අනුව නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවරයකු පත්කිරීමටට නඩුව මැයි 21 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ දීර්ඝ විමර්ශන වල උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතාට අධිකරණයේ පෙනී සිටියේය.
මෙරට රගර් ක්‍රීඩාව නගා සිටුවීම සදහා ක්‍රිෂ් ලංකා නැමැති ඉන්දියානු සමාගමක් විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 70කට ආසන්න මුදලක් එම ක්‍රීඩා කටයුත්තට යොදා නොගෙන අවභාවිත කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා නඟා ඇත.
මුලින්ම විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදී මංජුල තිලකරත්න මහතා අධිකරණය අමතමින් තමන් හා මෙම නඩුව සම්බන්ධ කරමින් සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත නමැත්තන් මුහුණ පොත ඔස්සේ යම්, යම් ප්‍රකාශ මුදා හැර ඇති බව මහාධිකරණ රෙජිස්ටාර්වරයා තමා දැනුවත් කළ බවත් මුහුණු පොත ඔස්සේ ඔවුන් පළ කර ඇති සිය`ථ ප්‍රකාශයන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවත් අවධාරණය කළේය.
තමා දැනුවත් කිරීමෙන් අනතතුරුව කළ නියෝගයකට අනුව එම පළ කිරීම් සම්බන්ධයෙන් මහාධිකරණ රෙජිස්ටාර්වරයා පසුගිය පෙබරවාරි 18 වැනිදා ඉදිරිපත් කළ සවිස්තරාත්මක වාර්තාවට අනුව මුහුණ පොත ඔස්සේ බෙදා හැර ඇති ප්‍රකාශයන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවත් එම ප්‍රකාශන් තුළින් අධිකරණයට අපහසයක් වී ඇත්ද? යන්න පිළබඳ විමසා බැලිය යුතු වුවත් එය කළ යුත්තේ වෙනත් ස්වාධීන විනිසුරුවරයකු විසින් බවත් විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේය.
නඩුවක් විමසා නිසි අන්දමින් යුක්තිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ හැකියාව තම අධිකරණය සතු වුවත් සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත නමැත්තන් මුහුණ පොත ඔස්සේ මුදා හැර ඇති ප්‍රකාශ හේතූවෙන් මෙම නඩුව සම්බන්ධයෙන් තම අධිකරණයෙන් යුක්තිය නිසි ආකාරයෙන් පසිඳලීමක් නොවන බවට සමාජයේ යම් පිරිසක් තුළ මේ වනවිට මතයක් ගොඩ නැඟී ඇතැයිද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
මුහුණ පොත ඔස්සේ සංසරණය වී ඇත්තේ දුර්මතයක් වුවත් මේ වනවිට සමාජයේ යම් පිරිසක් තුළ එය මතයක් බවට පත්ව ඇතැයි අවධාරණය කළ විනිසුරුවරයා එම තත්වය තුළ මෙම නඩුව තම අධිකරණයේ විභාග නොකිරීමට තමන් තීරණය කළ බවද සඳහන් කළේය.
ඒ අනුව නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයකු පත් කිරීම සඳහා විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු ගොනුව ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත යොමු කළේය.
ඉන් අනතුරුව ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නඩුව විභාග කිරීම සඳහා නඩු ගොනුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාට යොමු කළ අතර නඩුව කැඳවු අවස්ථාවේදී පෞද්ගලික හේතූන් මත නඩුව විභාගයට ගැනීමට තමන් අකමැති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නඩු ගොනුව යළි ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වෙත යොමු කෙරිණී.නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා නඩුව මැයි 21 වැනිදා යළි කැඳවීමට දින නියම කෙරිණී.
සචිත්‍ර ගුණසේකර