නවීකරණය සඳහා වන නව දැක්මක් බිහි කිරීමට ගෝලීය දකුණට හැකිවේවිද?


ආසියානු කලාපය සඳහා වන වාර්ෂික Boao Forum for Asia (BFA)  සමුළුව ඊයේ චීනයේ හයිනාන්හිදී ආරම්භ විය. අද වනවිට මතුව තිබෙන භූදේශපාලනික සහ ආර්ථික පරිවර්තනීය තත්ත්වයන්ට ලෝකය මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී මෙම සමුළුව පැවැත්වීමත් විශේෂත්වයකි. 

එහිදී මූලිකවම බටහිර රාජ්‍යයන් අතර පවතින විෂමතා සහ රාජ්‍ය පරිපාලනයේ පවතින අකාර්යක්ෂමතා අද වනවිට ප්‍රධානතම ගෝලීය කතිකාවතක් බවට පත්ව තිබේ. ඒ අනුව බොහෝ ගෝලීය දකුණු රාජ්‍යයන්  ස්වාධීන කලාපීය සහයෝගිතාවක් සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ. 

විශේෂයෙන්ම මෙම ගෝලීය දකුණු රාජ්‍යයන් තමන්ගේම නවීකරණය වූ සංවර්ධන මාවතක් නිර්මාණය කර ගැනීම සඳහා වන දැක්මකින් කටයුතු කරන අතර, ඒ සඳහා වන බලපෑම් සහගත බව එම රාජ්‍යය කණ්ඩායම් අතර වර්ධනය වෙමින් තිබෙන ආකාරයද දැකගත හැකිය. 

එහිදී ගෝලීය දකුණු රාජ්‍යයන් සතුව තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා වන මාර්ගයක් ස්ථාපිත කරගැනීම සඳහා වන බලාපොරොත්තු සහගත පරිසරයක් මේ වනවිට උදා වී තිබේ. පසුගිය වසර කිහිපය පුරාම මෙම Boao Forum for Asia (BFA) ගෝලීය කරුණු සාකච්ඡා කරන ප්‍රධානතම වේදිකාවක් බවටද ස්ථාපිත වී තිබේ.  

ඒ අනුව වෙළෙඳාම සහ මූල්‍ය යන කාරණාවල සිට තාක්ෂණය, දේශගුණික ක්‍රියාකාරකම් සහ තිරසාර සංවර්ධනය යන කාරණාද ඊට ඇතුළත් වෙයි.  

විශේෂයෙන්ම කලාපීය රාජ්‍යයන් තුළ සහයෝගීතාව, අන්‍යෝන්‍ය විශ්වාසය සහ පුළුල් ගෝලීය දකුණ සඳහා වන පොදු ප්‍රතිලාභ සඳහා වන විසඳුම් වෙනුවෙන් වන ගෝලීය වේදිකාවක් ලෙස එය හැඳින්විය හැකිය. එසේම එවැනි ආකාරයනේ පැවැත්වෙන පළමු සමුළුව ලෙසින්ද මෙය සැලකෙයි. 

එසේම චීනය, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව සහ අනෙකුත් නැගී එන ආර්ථිකයන් සහිත රාජ්‍යයන් මගින් ගෝලීය දකුණ, ගෝලීය බල සමතුලිතතාව සමගින් අනාගත ලෝකයේ හැඩය සකස් කිරීම සඳහා දක්වන බලපෑමේ වර්ධනය හොඳින් පෙන්නුම් කර දෙයි. 

මේ අතර යුරෝපය සහ එක්සත් ජනපදය තුළ මේ වනවිට දේශපාලනමය මතභේදකාරී තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින අතර, මැදපෙරදිග කලාපය තුළ ස්ථාවරත්වය ඇති වෙමින් තිබේ.  

කෙසේ වෙතත් ආසියානු කලාපයේ රාජ්‍යයන් සිය වුවමනාකම් බෙදාහදා ගැනීම වෙනුවෙන් වන ශක්තිමත් සාකච්ඡාවේ නිරත වෙයි. එහිදී චීනය - ජපානය - දකුණු කොරියාව පවත්වන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ඊට හොඳම උදාහරණයයි. අතීතයේදී පැවැති බෙදී වෙන්වීම් අමතක කර දමමින්, ඉදිරිය සඳහා වන නව මාවතක් ගොඩනැගීම සඳහා වන  කලාපීය සහයෝගීතාවයේ අවස්ථාවන් මෙම උත්සාහයන් මගින් පෙන්නුම් කරයි. 

විශේෂයෙන්ම ගෝලීය දකුණු රාජ්‍යයන් තුළ පෙන්නුම් කරන ක්‍රමික ආර්ථික වර්ධනය මෙම ගෝලීය දකුණු කිසිවිටකෙත් නිෂ්ක්‍රීය තත්ත්වයේ නොසිටිනි බවත්, ගෝලීය ආර්ථිකයේ වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දෙන බවත් ආදර්ශනය කර පෙන්වයි. 

මෙම රාජ්‍යයන් අද වනවිට තමන්ගේ විශේෂ තත්ත්වයන් අනුව ගොඩනගාගත් නවෝත්පාදනය සහ නවීනතම මාර්ග වෙත යොමුවෙමින් පවතී. එහිදී සංවර්ධනය සඳහා වන ගෝලීය ඉල්ලුමට ප්‍රතිචාර දක්වන අතරතුරදීම එම කටයුතු සිදු වීමත් කැපී පෙනෙයි. 

එසේම ගෝලීය දකුණේ ආර්ථික නැගී සිටීම තවදුරටත් පුරෝකතනයක් නොවේ. අද (2023 සැලකීමේදී), මෙම රාජ්‍යයන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 42ක ප්‍රතිශතයකට වගකීවේය. එසේම නැගී එන ආර්ථිකයන්හි සිදු වූ පසුබැසීමත්, ආසියානු ආර්ථිකයන්හි වර්ධනයත් සමගින්ම මෙම අගයන්ද මේ වනවිට වඩාත් හොඳින් ඉහළ යමින් පවතී.  

මේ අතර චීනය, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රාජ්‍යයන්ද ඇතුළු මෙම නැගී එන වෙළෙඳ පොළ 2024 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට 50ක් ඉක්මවා ඇත. ගත වූ දශක දෙකක කාලයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල බිලියනයකට අධික ජනතාවක් අන්ත දුප්පත්කමින් මිදීමට සමත්ව තිබේ. මෙය ගෝලීය දකුණ සතු අනුවර්තනයේ හැකියාව මනාව පෙන්වන අවස්ථාවකි. කෙසේ වෙතත් අදටත් පවතින උතුරු දකුණු බෙදීම නැති කිරිම සඳහා වඩාත් උපායමාර්ගික පිවිසුමක් වෙත යොමුවීමත් වැදගත් වී තිබේ. 

ගත වූ දශකයේදී ආසියානු කලාපය විවිධ ක්ෂේත්‍ර රැසක් තුළ සාර්ථක වී තිබේ. ඒ හරහා ගෝලීය දකුණ සතු හැකියාවන් මනාව පෙන්නුම් කරයි. එහිදී විමධ්‍යගත කෙරුණු සැපයුම් දාම, නැගෙනහිර ආසියාවේ සිට මධ්‍යම ආසියාව හරහා යුරෝපය දක්වා දේශසීමා සහිත රාජ්‍යයන් දුම්රිය මාර්ග පද්ධතිය හරහා එකතු කිරීම යනාදිය ඒ අතර පවතී. චීන - යුරෝපා අධිවේගී දුම්රිය ලෙස හැඳින්වෙන මෙම දුම්රිය යුරෝපියානු රාජ්‍යයන් 25ක් හරහා වැටුණු නගර 220කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරයි. 

මේ අතරදීම නැගෙනහිර-බටහිර මුහුදු මාර්ගයන්ද ඉතාමත් ඉහළ සංවර්ධනයක් අත්පත් කරගෙන තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය, පාකිස්තානයේ ග්වාදාර් වරාය, බංග්ලාදේශයේ චිතගොන්ග් වරායේ නව පහසුකම් සහ සිංගප්පූරුවේ ටුආස් මාගා වරාය ඒ අතර හැඳින්විය හැකිය. ඉන්දියාව තුළ ඉදිකරමින් පවතින වරාය ව්‍යාපෘති, දුම්රිය මාර්ග එක් කරන සාගරමාලා ව්‍යාපෘතිය සහ ජාතික සමුද්‍රීය සංවර්ධන වැඩසටහන යනාදියද ආසියාවේ වර්ධනයට හේතුවකි. 

මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් නේපාලය සහ මධ්‍යම ආසියානු රාජ්‍යයන් වැනි දේශසීමාවලින් වට වූ රාජ්‍යයන් එකිනෙක සම්බන්ධ කරනවාට අමතරව ආසියානු ගෝලීය වානිජ්‍යයේ මධ්‍යස්ථානයක් බවටද ස්ථානගත කර තිබේ. එහිදී නැගෙනහිර-බටහිර නෞකා මාර්ගයට විකල්පයක් ලෙස දුර්වල නොවූ වෙළෙඳ පද්ධතියක් ගොඩනැගීමත් සිදු වෙයි. 

කෙසේ වෙතත්, මෙම ගෝලිය දකුණ නවීකරණය කිරීම දැනට දශක කිහිපයකට පෙරාතුව යොදා ගත් ආදර්ශ නැවත ක්‍රියාත්මක කරමින් සිදු කළ හැක්කක් නොවෙයි. මෙම කලාපීය රාජ්‍යයන්ගේ සුවිශේෂී අනාගත අවස්ථාවන් සහ අභියෝගයන් වෙත ඒවා ගැලපෙන ආකාරයෙන් ඉදිරිපත් විය යුතුව තිබේ. 

2023 වසරේදී පැවැත්වුණු Boao Forum for Asia (BFA) සමුළුවේදී අදහස් දක්වා සිටි චීන ජනාධිපති ෂිං ජින්පින් ගෝලීය දකුණේ අනාගතය පදනම් වනු ඇත්තේ වඩාත් දියුණු සාමයක්, ආරක්ෂාවක් සහ සහයෝගීතාවක් යන කරුණු බව පවසා සිටියේය.  

එහිදී ආරක්ෂාව පිළිබඳ කාරණාවලට පිළිතුරුදීමේදී සියල්ල එක්වූ, මතභේද වෙත සාමකාමී විසඳුම් ලබා දෙන, ස්වෛරීත්වයට ගරු කරන සහ විස්තීර්ණ සහ සහයෝගී ආරක්ෂාවක් වකාදී ගෝලීය ආරක්ෂාව සඳහා වන මුලපිරීම් පිළිබඳ පොරොන්දු හය යටතේ මෙම කාරණා වෙත පිළිතුරු සැපයීම සැලසුමයි. 

මෙම අදහස් දේශපාලනික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ ආර්ථික සංවර්ධනය හා දියුණුව වෙනුවෙන් සහයෝගය දක්වන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අතිශය වැදගත් වෙයි. 

මේ අතරතුරදීම ඩිජිටල් අනුවර්තනයවීමද ගෝලීය දකුණේ රාජ්‍යයන් වෙත සාම්ප්‍රදායික සංවර්ධන වේදිකාවන්ගෙන් අතික්‍රමණය වීමට අවස්ථාවන් උදා කර දී තිබේ. චීනය, ඉන්දියාව සහ වියට්නාමය යන රාජ්‍යයන් අද වනවිට තාක්ෂණය සහ ඩිජිටල් යටිතලපහසුකම් අතින් ඉදිරියෙන් සිටියි. ඒ හරහා එම රටවලට ආර්ථික සහ සාමාජීය සංවර්ධනය වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ.  

ඊට සමගාමීවම පරිසර හිතකාමී හරිත තාක්ෂණයන් සහ තිරසාර කර්මාන්ත වෙත වන නවෝත්පාදන වෙත අවධානය යොමු කිරීමත් ගෝලීය දකුණ වෙත එල්ල වන දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝග වෙත මුහුණදීමට අවස්ථාව ලබා දෙයි. ඒ හරහා එම රටවලට සිය අනාගත සමෘද්ධිය සුරක්ෂිත කරගැනීමට හැකියාව ලැබී තිබේ.



Recommended Articles